අද මෙරට කොරෝනා ආසාදිත ගණන ඉතා සීඝ්‍රයෙන් ඉහළ යයි.

covid 19
By Thaya Jan 02, 2021 06:22 AM GMT
Report

අද (30) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 282ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 636ක් වේ.

ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 38,979කි.