කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයන් 50% කින් ඉහළ යයි...දැඩි අවධානම් තත්ත්වයක්. 15 hours ago Report

vaccine covid-19 corona
By Thaya Feb 01, 2021 05:37 PM GMT
Thaya

Thaya

Report

ගම්පහ, ජා ඇල ප්‍රදේශයේ මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක පුද්ගලයින් 90 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

අදාළ ආයතනයේ සේවකයින්ගෙන් සියයට 50කට පමණ මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක සඳහන් කළේ.

මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවේ සේවකයින් 198 දෙනා ගෙන් 90 දෙනෙකුම පසුගිය දින කිහිපයේදී සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් පාලනාධිකාරියට නොදන්වා සාදයක් පවත්වා තිබෙනවා. එම සාදයට සහභාගිවූ පිරිස සහ ආයතනයේ සෙසු සේවකයින් මේ අයුරින් කොරෝනා වෛරසය ආසාදනය වෙලා තිබෙන්නේ යැයි

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක සඳහන් කර සිටියා.