බස් නැවතුමේ සිදුකළ අඹු පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයින්..පොලිස් නිලධාරිනියකුත් ඒ අතර
Covid-19
Police
Corona Virus
Ambalangoda
By Thaya
අලුත්ගම පොලීසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් ඊයේ (07)අලුත්ගම බස් නැවතුම්පොලේ පුද්ගලයන් 137දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් (රැපිඩ් ඇන්ටිජන් ) වැඩිහිටිකාන්තාවන් දෙදෙනකු හා තරුණියක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පවසනවා.
මෙලෙස කොරෝනා ආසාදිත බව හඳුනාගත් තිදෙනාගෙන් එක් කාන්තාවක් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරිනියක් වන අතර ඇය කොළඹ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු කාන්තා උප පොලිස් පරීක්‍ෂාවකි.
සෙසු දෙදෙනා බේරුවල හෙට්ටිමුල්ලේ එකම නිවසක පදිංචි මව සහ දියණියක් බව නිලධාරීන් සඳහන් කරයි .
මෙම පොලිස් නිලධාරිනිය සිය කැමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර ගැනීමට අලුත්ගමට පැමිණ තිබේ .