කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු ඉතා ආසාද්‍ය තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ.

Corona
By Thaya Jan 29, 2021 06:48 AM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයෙකු ඉතා ආසාද්‍ය තත්ත්වයෙන් ගාල්ලේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කර සිටියේ, වෛරසය ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන වෛද්‍යවරයා සඳහා අවශ්‍ය ප්‍රතිකාර වැඩි කිරීමට ගාල්ල කරාපිටිය රෝහලේ බලධාරීන් සමග එක්ව කටයුතු කරන බවයි.

කොරෝනා වෛරසය පරාජය කළ හැක්කේ රජය, සෞඛ්‍ය නිලධාරීන් සහ මහජනතාවගේ ඒකාබද්ධ උත්සාහයෙන් පමණක් බවයි මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ වන විට ගාල්ලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවූ සටහනක් පහතින් දැක්වේ.