කර්මාන්ත ශාලාවක වැඩ කළ කොරෝනා ආසාදිත යුවලක් සැඟව සිටියදී කොටුවෙයි.
කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පළා ගොස් සැඟව සිටි යුවළක් කොස්වත්ත, පොතුඅටවන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර තිබේ. ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන ලද තොරතුරක් මත කොස්වත්ත පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. එම පුද්ගලයා ජා - ඇල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු අයෙකු වන බවත් එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව ඔහු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව එම පුද්ගලයා සිය බිරිඳ සමග පළාවිත් කොස්වත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී මෙලෙස පොලිස් භාරයට ගෙන තිබේ. ඉන් අනතුරුව අදාළ පුද්ගලයා දංකොටුව රෝහල වෙතත්, කාන්තාව මාරවිල රෝහල වෙතත් ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කිරීමට නියමිතය.