තවත් ඇගළුම් කම්හලකින් කොරෝනා පොකුරක්...වහාම ක්‍රියාත්මක වන පරිදි එම කම්හල වසා දැමේ.

corona garment factory hatton
By Thaya Dec 25, 2020 11:30 AM GMT
Thaya

Thaya

Report

හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 10දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බැවින් සෞඛ්‍ය අංශවලට සහයෝගය දැක්වීම පිණිස එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට එහි පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ.කාමදේවන් මහතා පැවසුවේ, එහි සේවක සේවිකාවන් පිරිසක් ආසාදිතයන් බවට ඊයේ (23) දින පස්වරුවේ ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බවයි.

එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් (14) දින කොවිඩ් 19 වයිරසය අසාදනය වු සේවකයෙක් හමුවීමෙන් පසු ඔහුගේ ළගම ආශ්‍රිතයන් 60 දෙනෙකුගෙන් (18) දින සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව සේවකයින් සිව්දෙනෙකුට සහ සේවිකාවන් 6දෙනෙකු සමග දස දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කේ.කාමදේවන් මහතා කියයි.