ප්‍රධාන නගරයක රෝහලකින් කොරෝනා...වහාව රෝහල වසාදමයි.

Covid-19 Police Mathugama
By Thaya Jan 06, 2021 04:51 PM GMT
Report

මතුගම නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එහි සේවිකාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම ඊට හේතුවී ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පවසයි.

ඇය එම වෛද්‍ය මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරියක් ලෙස සේවය කරන අතර, ඇය සමග සේවයේ නියුතු පිරිසක් ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

කොවිඩ් ආසාදිත එම තැනැත්තිය කලවාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇගේ නිවසේ සාමාජිකයින් ද නිරෝධායනයට යොමු කර ඇත.

ඇය සේවය කරන ස්ථානයේ නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් හෙට (06) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි.