පාසලක හදිසි පරික්ෂණයකින් සිසුන් 06 කට කොරෝනා..

Covid-19 Education
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Report

ලුණුගම්වෙහෙර, අගුණකොළැවැව ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හය දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි සිසුන් 37 දෙනකු හදිසි පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු සිසුන් තිදෙනකු හා සිසුවියන් තිදෙනකු කොරෝනා ආසාධිත බවට තහවුරුවීම නිසා හම්බන්තොට මහ රෝහලට සහ එරමිණියාය කොරෝනා ප්‍රතිකාර ඒකකයටත් ඇතුලත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. පාසලේ දරුවන් 37 දෙනා සහ එම පවුල්වල අය නිරෝධායනයට ලක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.