ජනපති ලේකම් කාර්යාලයේ ආරක්ෂකයින් 35කට කොරෝනා.

corona
By Thaya Jan 12, 2021 11:35 PM GMT
Report

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකා 35 දෙනකු කොරෝනා ආසාදිත යයි හෙලිව ඇතැයි වාර්තා වනවා.

කිහිප දෙනෙකු උණ ගතියෙන් පෙලීම මත එම නිලධාරීන් 60කට පසුගිය සිකුරාදා කරන ලද පරීක්‍ෂණවලින් මේ බව හෙලිව ඇති බවයි පැවසෙන්නේ.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර තවත් පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කර ප‍්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.