එක් ප්‍රදේශයකට ඇතුල් වන මාර්ග බාධකයේ කොරෝනා පරික්ෂණවලින් 120කට කොරෝනා..
Corona
By Thaya
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගලදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂනවලදි මේ වන විට කොවිඩ් ආසාද්තයන් 120 දෙනකු හදුනා ගෙන ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගලදි දැනට මසකට අධික කාලයක් පුරාවට විටින් විට මෙම අහඹු පි. සි. ආර්. පරිකත්ෂන සිදු කරන බවද ඔහු පවසන ලදි.
මේ වන විට මෙම ස්ථානයේ පුද්ගලයන් 1970ක් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ඇති බවත් එම පරික්ෂන මත කොවිඩ් ආසාදිතයන් 120 දෙනකු හදුනාගෙන ඇති බවත් එයින් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බවද කාමදේවන් මහතා තව දුරටත් පවසන ලදි.