විවාහ මංගල උත්සව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොරෝනා බියක්.

Corona Cricket Wedding
By Thaya Feb 04, 2021 07:47 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දැමීමට ඉඩ තිබෙන බවට වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි. පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා සිදුකළ PCR පරීක්ෂණ යේදී ඔවුන් දෙදෙනා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. මොවුන් දෙදෙනා අද දිනයේදී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රීතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සධිර සමරවික්‍රම ගේ විවාහ මංගලෝත්සවය පසුගියදා පැවති අතර ඊට කොවිඩ් වෛරසය ආසාදනය වූ ලහිරු තිරිමාන්න සහභාගිවී තිබෙනවා. මේ හේතුවෙන් එම විවාහ මංගල්‍ය සඳහා සහභාගිවූ සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින් හට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගේ විවාහ මංගල්‍ය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබුණා. මේ වන විට කුසල් මෙන්ඩිස් ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිසා විවාහ මංගල්‍ය කල් යනු ඇති බවයි වාර්තා වන්නේ.