සුපිරි හෝටලයකින් කොරෝනා මතුවෙයි...සාදයට පැමිණි ප්‍රභූන් කිහිප දෙනෙකුටත් කොරෝනා.
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සේවකයින් 10 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව අප වෙත තොරතුරු ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබතත්, තවත් පිරිසක් හෝටලය තුළම සඟවාගෙන සිටින බවටත් තොරතුරු වාර්තා වී ඇත.
එමෙන්ම, ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින්ද මේ වනවිට හෝටලය තුළම නිරෝධායනයට යොමු කර ඇත්තේ කිසිදු කරුණක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීමකින් තොරවය.
අදාළ හෝටලයේ දිගින් දිගටම කොරෝනා රෝගීන් වාර්තා වීමක් පිළිබඳ නිරන්තරයෙන් තොරතුරු වාර්තා වී ඇත. නමුත් එහි බලධාරීන් රෝගීන් පිළිබඳ සමාජය දැනුවත් කිරීමක් දක්නට නොලැබේ.
රජයේ සෞඛ්‍ය නිලධාරීන් සැමවිටම පවසන්නේ කිසියම් ස්ථානයකින් හෝ කිසියම් පුද්ගලයෙකු-ට කොරෝනා ආසාදනය වී ඇත්නම් ඒ බව නොසඟවා පවසන ලෙසයි. නමුත් අදාල හෝටලයේ මෙවැන්නක් සිදුවීම කණගාටුවට කරුණක් වේ.
මේ වනවිට එම හෝටලයේ රෙදි සේදුම් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වී තිබේ.
නිරන්තරයෙන් සංචාරකයින් අදාළ හෝටලයට පැමිණෙන අතර, මෙවැන්නක් සැඟවීම තුළින් ඔවුන්ගෙන් තවත් අයෙකුටද මෙම වෛරසය බෝ වීමක් සිදු නොවන්නේද යන්න ගැටලුසහගත ප්‍රශ්නයකි.
එපමණක් නොව හෝටලයේ කාර්යමණ්ඩලය මෙලෙස වෛරසයට ගොදුරු වද්දී පිටත සිටින එම හෝටලයේ සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙස බල කරන බව පැවසේ.
නමුත් අප සමග සම්බන්ධ වූ කිහිපදෙනෙකු ප්‍රකාශ කළේ, මෙවැනි තත්ත්වයක් හෝටලය තුළ පවතින අවස්ථාවක තමන් කෙසේ නම් සේවයට වාර්තා කරන්නේද යන්නයි.
හෝටලය තුළ නිසි පරිපාලනයක් කොරෝනා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නම් සේවයට වාර්තා කිරීම ගැටලුවක් නොවන බවත් ඔවුන් සඳහන් කරයි.
කෙසේ වෙතත්, අප නිසි බලධාරීන්ට අවධාරණය කරන්නේ සියලු දෙනාටම එක සේ බලපාන මෙවැනි වෛරස තත්ත්වයකදී ක්‍රියා කළ යුතු නිසි පිළිවෙතක් තිබේ.
කිසිදු පුද්ගලයෙකු අපහසුතාවට පත් නොකර මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු බවද අවධාරණය කරන්නෙමු.
මේ අතර මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් සංවිධානය කර තිබූ සුපිරි සාදයනට සහභාගීවූ ප්‍රභූන් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරයි.
කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක මෙම සාදය සංවිධානය කර තිබූ බවත් ප්‍රභූන් රැසක් ඊට සහභාගී වී තිබූ බව සඳහන්ය.
කෙසේ නමුත් අදාළ වාර්තා එම හෝටලය විසින් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ මෙතෙක් සෞඛ්‍ය අංශ විසින් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.