කොරෝනා අවදානම හේතුවෙන් නැවතත් රට වසා දැමීමට තීරණය කරයි

Covid-19
By Thaya Mar 14, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

නව කොරෝනා රැල්ලක් පැන නැගීමත් සමඟ ඉතාලිය නැවතත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ඉතාලිය පුරා කඩසාප්පු, අවන්හල්, කාර්යාල සහ පාසල් ලබන සදුදා සිට වසා දැමීමට තීරණය කළ බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. නව සීමාවන් පාස්කු සමය අවසන් වන තුරු ක්‍රියාත්මක බවද සදහන්. තත්ත්වය වඩාත් අයහපත් මට්ටමකට යොමුවීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ. ඉතාලියේ කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය සති හය තුළ අඛණ්ඩව ඉහළ ගිය අතර දෛනික ආසාදිත සංඛ්‍යාව විසිපන්දහස ඉක්මවා ගියා.