අද මෙරට ප්‍රදේශ රැසකින් වාර්තා වූ කොරෝනා මරණ මෙන්න..

Covid-19
By Thaya Feb 25, 2021 05:51 PM GMT
Report

අද (24) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 457 කි. මෙලෙස මිය ගොස් ඇත්තේ, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිද කාන්තාවක්, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.