මෙරට කොරෝනා මරණ සහ ආසාදිත සංඛ්‍යාව එකවර ඉහළ යයි...දැඩි අවධානම් තත්ත්වයක්..

Covid-19 Police Shavendra Silva
By Thaya Jan 29, 2021 06:46 AM GMT
Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 431 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 742ක්.

මෙහිදී වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 60,663ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (27) කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 290කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගෝනපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.