ප්‍රධාන රෝහලක කොරෝනා මළසිරුරු ගොඩගැසෙයි.

Covid-19 Mahanuwara
By Thaya Feb 11, 2021 02:30 PM GMT
Thaya

Thaya

Report

මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ දින 20ක් පැරණි කොවිඩ් මළසිරුරක් ඇතුළු කොවිඩ් සිරුරු දාහතරක් (14) ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. මෙලෙස දින 20ක් පැරණි මෘත ශරීරය කොවිඩ් ආසාදනය වී මියගිය මුස්ලිම් පුද්ගලයකුගේ බවත්, ඔහුගේ සිරුර භාර ගැනීමට කිසිවකු පැමිණ නොමැති බවත්, රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය. එසේම තවත් මුස්ලිම් කාන්තාවකගේ සහ මුස්ලිම් පුද්ගලයන් දෙදෙනකුගේ මළසිරුරුද රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. අනෙක් මළසිරුරු දහය ආදාහනය කිරීමට කටයුතු කරන බවද පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රමාදය මත මෙලෙස සිරුරු ගොඩගැසී ඇති බවද රෝහල් ප්‍රකාශකයා පැවැසීය.