කෙරෝනා සැබෑ තොරතුරු දැනුවත් කිරීමට සර්ව පාක්ෂික සමුලුවක් කැදවන්න
Corona
By Thaya
කොවිඩ් වසංගතයේ සැබෑ තොරතුරු වසන් කරමින් රජය විසින් මහජනතාව නොමග යවමින් සිටින බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා. අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය මේවන විට පාලනයකින් තොරව රට පුරා පැතිර ගොස් ඇති බවයි. මෙම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කියා සිටියේ කෙරෝනා වසංගතයේ සැබෑ තොරතුරු දැනුවත් කිරීමට නම් සර්ව පාක්ෂික සමුලුවක් කැදවා ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.