අමෙරිකාවේ නව ජනපති – උප ජනපතිනිට ශ්‍රී ලංකා ජනපති, අගමැති සහ විපක්ෂ නායක සුබ පතයි

United States President Vice President
By Thaya Jan 21, 2021 02:09 PM GMT
Thaya

Thaya

Report

අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපතිනී කමලා හැරිස් යන මහත්ම මහත්මීන්ට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ඒ ට්විටර් පණිවූඩ නිකුත් කරමිනුයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වෙන්නේ ද්විපාර්ශවික සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවයි.

ඉදිරි ගමනට සුබ පැතුම් එක් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් ට්විටර් පණිවූඩයේ දැක්වෙනවා.

ජෝ බයිඩ්න් මහතාට සහ කමලා හැරිස් මහත්මියට සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුබ පැතුම් පිරිනමන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ ට්විටර් පණිවූඩයේ සඳහන් වන්නේ.