සැමියා මුදල් නොදෙන නිසා මාස නවයක බිළිඳාට පහරදුන් මව ගෙන් පාපොච්චාරණයක්

Police
By Thaya Mar 03, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

කුඩා බිළිඳෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වුණා. එම දර්ශනවලට අදාළව බිළිඳාගේ මව මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය – අරියාලේ – නාවල්අඩි ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මෙම වීඩියෝව සම්බන්ධයෙන් යාපනය පොලිසිය අදාළ නිවසට ගොස් පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදී මව අත්අඩංගුවට ගෙන බිළිඳා පොලිස් භාරයට ඇති අතර

මීට මාසයකට පමණ පෙර කුවේට් රාජ්‍යයේ සිට දරුවාද සමග මෙරටට පැමිණ ඇති අතර කාලයක් තිස්සේ එරට රැකියාව නිරතව සිට ඇති බවයි වාර්තාවන්නේ.මෙම තැනැත්තියගේ සැමියා කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරත බවයි ඇය පවසන්නේ. තම සැමියා දරුවාට සහ ඇයට ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවයි මෙම කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර තිබෙන්නේ. එමෙන්ම මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගේ ප්‍රකාශය පහතින්