ප්‍රභල ඇමතිවරයෙකුට විරුද්ධව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්..

Police Wimal Weerawansa
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින් දුම්කොළ හා මධ්‍යසාර පනත උල්ලංඝනය කරමින් කුරුඳු සිකරැට්ටුවක් ප්‍රවර්ධනය කිරීමට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දම්පල් දරුවෝ ජාතික සංවිධානය මගින් කටයුතු කරන ලදි. පසුගිය සිකුරාදා (26) පෙරවරුවේදී එම පැමිණිල්ල භාරදීම සිදුවූ අතර එම අවස්ථාවට දම්පල් දරුවෝ මහලේකම් මහේෂ් ජයරත්න, අනුශාසක නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි, ක්‍රියාකාරීන් වන නිශාන්ත ගුණතිලක, ඈන් ගමගේ යන මහත්ම මහත්මීන් එක්වූහ.