online පන්ති ගැන සීයලා දෙන්නෙක් කළ පැමිණිල්ල !!!

Online Class
By Thaya Mar 22, 2021 05:09 PM GMT
Thaya

Thaya

Report

ජංගම දුරකතන හා පරිගණක හරහා කෙරෙන ඔන්ලයින් අධ්‍යපනයෙන් තම මුනුපුරු මිනිපිරියන් පීඩාවට පත්ව සිටිතියි මුත්තනුවන් දෙදෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇතැයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. මේ තත්ත්වය නිසා ඔන් ලයින් අධ්‍යාපනය සීමා කරන්නැයි ද එම දෙදෙනා ඉල්ලීමක් කර තිබෙන බව කී සභාපතිවරයා මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් වහම කරුණු සොයා බලා සුදුසු පියවර ගන්නැයි නිලධාරිනට උපදෙස් දුන් බව ද ප්‍රකාශ කළේය. මේ අතර ඔන්ලයින් අධ්‍යපනය හරහ ජංගම දුරකතනවලට අධික ලෙස අබ්බැහිවීම නිසා දරුවන් විශාල පිරිසක් විවිධ මානසික ප්‍රශ්නවලට ගොදුරුව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද විදානපතිරණ මහතා සඳහන් කරයි.

ReeCha