දුම්රිය අනතුරු පරික්ෂණයට කොමිටියක් පත්කෙරේ
දුම්රිය අනතුරකදී රියදුරු මහතුන්ට අනතුරේ සවභාවය අනුව මිලියන ගණන් ගෙවන්න නොහැකි බැවින් එවැනි දඩ ගැසු ඒවා පිළිබදව නැවත අධ්‍යයනයක් කිරීම සදහා කොමිටියක් පත් කළ බව ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය. ඇමතිවරයා එසේ පැවසුවේ දුම්රිය රියදුරු හා නියාමක වරුන් ආරම්භ කළ වැඩ වර්ජනය පිළබදව අද ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවැති සාකච්ජාවේදිය.
එහිදී අදහස් දැක්වු ලොකුගේ ඇමතිවරයා ,2010 හෝ 2012 වෙනකම් අනතුරුක් සිදුවු විට රියදුරු මහතුන්ගෙන් අයකර ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. බොහෝවිට ඊට පසු ඇතිවු පරීක්ෂණයකින් එවැනි ක්‍රමයක් ඇතුල් කිරීම නිසා අද විශ්‍රාම යන්න ඉන්න රියදුරු මහතුන්ට විශාල අගතියක් සිදු වී තිබෙනවා.එම නිසා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති හා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් එක්ව තීන්දුවක් ගත්තා .එවැනි දඩ ගැසු ඒවා පිළිබදව නැවැත අධ්‍යයනයක් කර කොහොමද වෙනස් කරන්නේ කියා. මීට අමතරව වෘත්තීය සමිතිවල තිබු පොඩි පොඩි ප්‍රශ්න පිළිබදවද සාකච්ජාකොට විසදුම් ලබාදුන්නා.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ කාලයක් තිස්සේ තිබෙන දුම්රිය මාර්ගයේ තිබෙන දුර්වල කම් නිසා රියදුරු මහතුන්ට ප්‍රශ්න පැනනැගී තබෙනවා. ඒවාට විනය පරීක්ෂණ සිදු කිරීමේදී මාර්ගයේ තිබෙන අඩුපාඩු පිළිබදව පරීක්ෂණයේදී සැලකිල්ලට භාජනය කළයුතු බවද මෙහිදී වැඩි දුරටත් පැවසුවේය.