මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි – ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි

Life
By Thaya Apr 10, 2021 06:49 PM GMT
Thaya

Thaya

Report

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. මෙම පුද්ගලයා බරපතල රෝගී තත්ත්වයෙන් අද මීගමුව මහරෝහලට ඇතුළු කිරීමට ඥාතීන් කටයුතු කර තිබෙනවා. එහිදී රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා ඔහු පරීක්ෂා කාරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි නිර්දේශ කර මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලීසියට දැනුම් දී තිබේ.

අනතුරුව ඥාතීන්ද එම ස්ථානයට පැමිණ සිරුර අල්ලමින් හැඩීමේදී එක්වරම සිහි පැමිණ ඇති රෝගියා අත ඔසවා තමා මිය ගොස් නැති බවට තහවුරු කර තිබේ. එහිදී අසල සිටි රෝහල් සේවකයින් කඩිනමින් ඔහු යළි වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවට යොමු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි. එම පුද්ගලයාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී කෝමා තත්තවයට පත්ව පත්ව සිටි ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වෛද්‍යවරු පවසා තිබේ . රෝගීයා පරීක්ෂා කර ඔහු මිය ගිය බවට තහවුරු කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේ.