ඒකක 9000 අගයට ලඟා වන කොළඹ කොටස් වෙළඳ පොළ...කැපී පෙනෙන වර්ධනයක්...

Stock
By Thaya Jan 25, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනය ආරම්භයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා. ඒ පසුගිය සතියට සාපේක්ෂව අද දිනය ගණුදෙනුවල අනපේක්ෂිත ලෙස ඉහල යමක් දකින්නට ලැබෙනවා.

අද දවසේ ගණුදෙනු ආරම්භ කර විනාඩි 20ක් යන කෙටි කාලය තුල සියලු කොටස් මිල දර්ශකය 182.58 ලෙස ඉහල ගොස් එය ඒකක 8,646.01 ලෙස සටහන් වුනා. එය 2.16%ක වර්ධනයක්. කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළඳ පොළ පසුගියදා එහි ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරමින් ඒකක 8000 ඉක්මවා ගියා.

බොහෝ ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොළඹ කොටස් වෙළඳ පොළ ඒකක 9000 අගය ඉක්මවා යනු ඇති බවයි.