කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..
කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන දිවි හානිකරගෙන ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ තිස් හතර වියේ පසුවූ තරුණයකු වන අතර සිද්ධිය වී ඇත්තේ ඊයේ (25) දහවල් 12.30 ට පමණ බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයා කිසියම් මානසික අවපීඩන තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එම රෝහලට පෙරේදා (29) ඇතුළත් කරනු ලැබ සිටියේය. ඔහු මෙසේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේම නාන කාමරයට ගොස් එහි ජනේලයකින් බිමට පැන සියදිවි හානිකරගෙන ඇතැයි දැනට කරන ලද පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබෙන බව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ සිද්ධිය වන අවස්ථාවේදී ඔහුගේ පෙම්වතියද රෝහලේ කාමරයේ සිට ඇති බවත් සිද්ධිය දැන ගැනීමෙන් පසුව ඇය මරළතෝනි දෙමින් දස අතේ දිවගොස් තිබෙන බවත් වාර්තා වෙයි. මියගිය තරුණයාගේ පියා කොළඹ නගරයේ ප්‍රසිද්ධ ආයතන කිහිපයක හිමිකරුවෙකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි .