මෙරට ප්‍රධාන රෝහලකින් කොරෝනා පොකුරක් මතුවෙයි.

Covid-19
By Thaya Mar 05, 2021 07:39 PM GMT
Thaya

Thaya

Report

බදුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අද දිනයේදී ලැබූ PCR පරීක්ෂණ වාර්තා මගින් එම වාට්ටුවෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. වෛද්‍යවරයෙක්, රෝහල් කාර්ය මණ්ඩලය සේවකයෙක්, රෝගීන් සහ රෝගීන් බලා ගැනීම සඳහා පැමිණි 29 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. මිට පෙර පසුගිය මාර්තු මස 02 වෙනිදා මෙම වාට්ටුවේ සේවය කරනු ලැබූ හෙදියක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු තවත් හෙදියක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී ලද PCR වාර්තා මගින් තහවුරුවී ඇත. මෙම තත්ත්වය මත සිදුකළ PCR පරීක්ෂණ මගින් අද දිනයේදී තවත් ආසාදිතයින් වාර්තා වූ අතර මේ හේතුවෙන් බදුල්ල රෝහලේ බලධාරීන් විසින් රෝහලේ පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත්තේ. වෛරසය ආසාදනය වූ රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන සිටි අය බවද වාර්තා වනවා.