එකවර කොරෝනා ආසාදිතයින් හමුවීමෙන් ප්‍රධාන නගරයක් වසාදමයි.

Covid-19
By Thaya Jan 16, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා නාවලපිටිය නගරය විෂබිජහරණය කිරිම සදහා (15) දින සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙලද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කිත්සිරි කරුණාදාස මහතා කියා සිටියේ, එම ආශ්‍රිතයන් 16 දෙනෙකුගෙන් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙලදසැල් වලට පිවිස ඇති නිසා සෞඛ්‍යය අංශ උපදෙස් ලබා ගනිමින් වෙලදසැල් වසා දැමීමට තිරණය කල බවයි.

වසා දැමු නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් සහ නගරය 18 දින විෂබිජහරණය සිදු කරන බවද කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.