රෝහල් කාර්ය මණ්ඩලයකිනුත් කොවිඩ් පොකුරක්

isolated maravila puttalama civid19 dinusha fernando
By Sewvandhi May 17, 2021 12:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අද (17) උදෑසන වනවිට එම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 31 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ.

දැනට එම රෝහලේ වාට්ටු 04ක් වසාදමා ඇති බවත් කඩිනමින් එම වාට්ටු ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය. මාරවිල මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් එම රෝහලේ වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමුණා.

දැඩි සත්කාර ඒකකය, හදිසි අනතුරු වාට්ටු 02 ක් සහ ගැබිනි කාන්තාවන්ට වෙන්කළ වාට්ටු 02 ක් මේ වනවිට වසා දමා ඇත. මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙද නිලධාරිනියන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පසුගිය සතියේ වාර්තා විය.

අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයන් සඳහා යොමුකිරීමට කටයුතු කළ අතර ඒ අනුව මෙලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now