මැරකම් කළ නාගරික මන්ත්‍රී - CCTV දර්ශන සහිතයි

Counsilor
By Thaya Jan 02, 2021 06:38 PM GMT
Thaya

Thaya

Report

දඹුල්ල, ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට රුපියල් ලක්ෂ තුන හමාරකට වඩා වැඩි අලාභයක් සිදුකළේ යැයි යන චෝදනාව මත දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) රාත්‍රියේ දඹුල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත දඹුල්ල මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

කලක් පුරා දෙපිරිසක් අතර පවතින පුද්ගලික ගැටුමක් මත නාගරික මන්ත්‍රීවරයා රාත්‍රී කාලයේ එම නිවසට ඇතුළු වී එහි තිබු ආරක්ෂිත කැමරා පද්ධතිය කඩා දමා වාහනවලට ද පහර දී අලාභ සිදුකර තිබේ.

නාගරික මන්ත්‍රීවරයා එලෙස හැසිරෙන ආකාරය අසල වු සීසීටීවි කැමරාවක ද සනිටුහන්ව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මීට පෙර ද එම දෙපිරිස අතර ගැටුම් ඇති වී ඇතැයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරයා අද (31) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.