කොවිඩ් අස්සේ දුම්වැටි නිෂ්පාදනය ආදායම ඉහළට

Cigarette
By Thaya Jan 16, 2021 06:35 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් 19 වසංගත මධ්‍යයේ වුවද පසුගිය වසරේ මුල් මාස අටේ දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදනය 2019 වර්ෂයට සාපේක්ෂව සියට 1.1 කින් වර්ධනය වීමෙන් මිලියන 649ක ආදායමක් ලැබී ඇත.

2019 වර්ෂයේ දී දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන බදු රුපියල් මිලියන පනස් අටදහස් තුන්සියක ආදායමක් ලැබී ඇති අතර එය ඉක්මවමින් කොවිඩ් ව්‍යසනය හමුවේ 2020 මුල් මාස අටේදී මිලියන පනස් අටදහස් නවසිය හතලිස් නවයක නිෂ්පාදන බදු ආදායමක් ලැබී තිබේ.

කෙසේ වෙතත් 2019ට වඩා මත්පැන් නිෂ්පාදන බදු මිලයන තුන්දහස් එකසිය විසිපහක (3125) අඩුවීමක් 2020 මුල්මාසයේදී අඩු වී ඇති අතර එය සියට 4.1%ක පසුබෑමකි.