චීන සිනෝෆාම් එන්නතට එරට රජයේ නිල අනුමැතිය
Vaccine
By Thaya
කොරෝනා මර්දනය වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමාගම නිෂ්පාදනය කල එන්නතට එරට රජයේ නිල අනුමැතිය හිමිවී තිබෙනවා.
එහි ප්‍රතිශක්තීකරණ සාර්ථකත්වය සියයට 80 කට ආසන්නයි.
මෙම එන්නතේ සායනික අත්හදා බැලීම් වෙනුවෙන් ලක්ෂ 30 කට ආසන්න පිරිසකට එන්නතේ මාත්‍රා ලබාදී තිබුණා.
ඉන් මිලියනයක් පමණ සාමාන්‍ය රෝගී ලක්ෂණ පෙන්නුම් කල අය වන අතර මිලියන 02 ක් පමණ බරපතල අන්දමින් රෝග ලක්ෂණ පහළ වූ ආසාධිතයන් වනවා.
සිනොෆාම් සමාගමේ මෙම එන්නතට පළමුවෙන්ම අනුමැතිය දුන් රට වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.
කෙසේවෙතත් මෙම එන්නතේ සාර්ථකත්වය පවතින්නේ ෆයිසර් හා මෝදනා සමාගම්වල එන්නතට වඩා අඩු අගයකයි.