චීන තානාපතිගෙන් ලංකාවේ තරුණ පරපුරට විශේෂ ලිපියක්

Report

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී හෙන්හොං විසින් මෙරට තරුණ තරුණියන් වෙත විශේෂ විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. එමඟින් දෙරටේ හවුල් අනාගතය වෙනුවෙන් අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කර ඇත.

"කඳු සහ සාගර තරණය කරමින්, හවුල් අනාගතයක් කරා අපේ තරුණ පරපුර අත්වැල් බැඳගෙන පෙරට යමු" යන තේමාව යටතේ අඳාළ ලිපිය නිකුත් කරමින් නූතන චීන තරුණයා යනු කෙබඳු අයෙක්ද යන්න තානාපතිවරයා හඳුන්වා දෙ‍යි.

ඒ ප්‍රධාන ලක්ෂණ 06ක් පිළිබඳව අවධානය යොමු කරමින්. එම ගුණාංග ලෙස තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ දේශප්‍රේමීත්වය, උත්සාහවන්ත බව, නවෝත්පාදන කුසලතාව, ඉගෙනීමට ඇති ලැදියාව, ප්‍රායෝගිකත්වය සහ සියල්ල ඇතුළත් කරගන්නා සුහදශීලී බවයි.

මේ අයට නිවෙස් කුලියට දීමට පෙර ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න - පොලීසියෙන් ඉල්ලීමක්

මේ අයට නිවෙස් කුලියට දීමට පෙර ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න - පොලීසියෙන් ඉල්ලීමක්

තානාපතිවරයා යොමුකළ ලිපියෙහි සටහන් වූ අදහස පහතින් දක්වා ඇත,

'' සියවසකින් නොදුටු ගැඹුරු වෙනස්කම් සිදුවන මෙවන් යුගයක, ජාතියක අනාගතය වඩ වඩාත් තීරණය වන්නේ එහි තරුණ පරපුරේ වටිනාකම්, මානසිකත්වය සහ නිර්මාණශීලිත්වය මතය. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සතු දක්ෂතාවය සහ ජවය පිළිබඳව මම නිතරම පැහැදීමට පත්වන අතර, චීනය කෙරෙහි ඔවුන් තුළ ඇති ලෙන්ගතුකම සහ දෙරට අතර හුවමාරු සහ සහයෝගීතාව පුළුල් කිරීමට ඔවුන් තුළ ඇති උනන්දුව මට මැනවින් දැනේ. සෑම වසරකම සිසුන් 100කට වැඩි පිරිසක් චීනයේ ඉගෙනීම සඳහා ශිෂ්‍යත්ව ලබන අතර, දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල දහසකට වැඩි පිරිසක් පුහුණුව සහ අත්දැකීම් හුවමාරුව සඳහා චීනයට පැමිණෙති. දෙරටේ විශ්වවිද්‍යාල සමීප සබඳතා පවත්වන අතර, තරුණ ව්‍යවසායකයින්, මාධ්‍යවේදීන් සහ ස්වේච්ඡා සේවකයින් නිරන්තරයෙන් එකිනෙකා හමුවෙමින් අපව තව තවත් සමීප කරවයි. ශ්‍රී ලංකාවේ සහ චීනයේ තරුණ තරුණියන් පොදු අභිලාෂයන් සහ ගැඹුරු සම්බන්ධතාවයක් බෙදාහදා ගන්නා අතර, තම රටවල සංවර්ධනයට සහ සමෘද්ධියට දායක වීමට ඔවුන් සැම දෙනාම උනන්දු වෙති. කෙසේ වෙතත්, චීන තරුණ තරුණියන් සමඟ සෘජුව ගනුදෙනු කිරීමට තවමත් අවස්ථාව නොලැබුණු බොහෝ ශ්‍රී ලාංකික මිතුරන්ට ‘චීන තරුණයා’ යන්න තවමත් යම් දුරකට අමූර්ත සංකල්පයක් විය හැකිය. එබැවින්, ඔවුන් කෙබඳු අයද යන්න පිළිබඳ අදහසක් ලබා දීමට මම ප්‍රධාන වචන කිහිපයක් භාවිතා කරමි. පළමු වචනය: දේශප්‍රේමී (Patriotic). චීන තරුණයින් තම පෞද්ගලික සංවර්ධනය චීන ජාතියේ සංවර්ධනය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින බව ගැඹුරින් වටහාගෙන සිටිති. ඔවුන් ජාතියේ ජයග්‍රහණ ගැන ආඩම්බර වන අතර, ජාත්‍යන්තර තත්ත්වය සහ ගෝලීය කටයුතු පිළිබඳ චීනයේ ස්ථාවරය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවෙති. ඔවුන් තම දේශප්‍රේමී හැඟීම් ඉතා තාර්කිකව ප්‍රකාශ කරති. අන්තර්ජාලය හරහා, තරුණ බ්ලොග්කරුවන් සැබෑ චීනය ලොවට පෙන්වන අතර, චීනයට එරෙහිව එල්ල වන විවේචන හමුවේ ජාතියේ ගෞරවය සුරැකීමට කටයුතු කරති. දෙවන වචනය: උත්සාහවන්ත (Striving). චීන තරුණයින් රැකියා සම්බන්ධයෙන් විවෘත සහ විවිධාංගීකරණය වූ දැක්මක් ඇති අය වන අතර, ඔවුන් ලබාගත් දැනුම හා කුසලතා නිර්මාණාත්මකව භාවිත කිරීමට දක්ෂයෝ වෙති. පසුගිය වසර පහ තුළ විශ්වවිද්‍යාල උපාධිධාරීන් 165,000කට වැඩි පිරිසක් ග්‍රාමීය පුනර්ජීවනය සහ බිම් මට්ටමේ සේවාවන් සඳහා කැප වී සිටිති. තනි පරිගණකයක් ජංගම සේවා ස්ථානයක් ලෙස භාවිතා කරමින් නිර්මාණාත්මක නිර්මාණකරණය, වීඩියෝ සංස්කරණය වැනි ක්ෂේත්‍ර ඔස්සේ නව ව්‍යවසායක පරපුරක් බිහි වෙමින් පවතී. තෙවන වචනය: නවෝත්පාදන (Innovative). වයස අවුරුදු 35ට අඩු පිරිස පර්යේෂණ ආයතනවල, කර්මාන්ත ක්ෂේත්‍රවල සහ ප්‍රධාන ජාතික ව්‍යාපෘතිවල කොඳු නාරටිය බවට පත්ව ඇත. ‘චැං-ඊ’ (Chang’e) චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ සිට ක්වොන්ටම් පරිගණක සහ කෘතිම බුද්ධිය (AI) දක්වා වූ ක්ෂේත්‍රවල 1990 දශකයේ උපන් පර්යේෂකයින් විශාල පිරිසක් පෙරළිකාර ජයග්‍රහණ අත්කර ගෙන ඇත. 2025 MIT තාක්ෂණ සමාලෝචනයේ ‘වසරේ නවෝත්පාදකයින් 35’ ලැයිස්තුවට චීන විද්‍යාඥයින් සහ ව්‍යවසායකයින් 25 දෙනෙකු ඇතුළත් විය. සිව්වන වචනය: ඉගෙනීමට ලැදි (Studious). ජීවිත කාලය පුරාම ඉගෙනීමට කැපවී සිටින චීන තරුණයින් තම නිදහස් කාලය දැනුම වර්ධනය කර ගැනීමට යොදා ගනිති. තරුණ පරපුරේ අයෙකු වසරකට සාමාන්‍යයෙන් පොත් 11.7ක් පමණ කියවනු ලැබේ. තරුණයින්ගෙන් 93.5%ක් රැකියාව කරන අතරතුරත් ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව කරගෙන යන අතර, බොහෝ දෙනා රාත්‍රී පාසල් (Night schools) හරහා සංගීතය, නැටුම්, ක්‍රීඩා සහ භාෂා වැනි විවිධ කුසලතා වර්ධනය කර ගැනීමට උනන්දු වෙති. පස්වන වචනය: ප්‍රායෝගික (Pragmatic). චීන තරුණයින්ගේ පරිභෝජන රටාව වඩ වඩාත් තාර්කික වෙමින් පවතී. ඔවුන් සුඛෝපභෝගී භාණ්ඩ පසුපස හඹා නොයන අතර, මුදලට ලැබෙන වටිනාකම ගැන වැඩි අවධානයක් යොමු කරති. ඔවුන් පරිසර ආරක්ෂණය සහ දේවල් නැවත භාවිතය (Recycling) කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අතර, මානසික සුවතාවය සහ ශාරීරික සෞඛ්‍යය සඳහා වැය කිරීමට වැඩි කැමැත්තක් දක්වති. හයවන වචනය: සියල්ල ඇතුළත් කරගන්නා (Inclusive). චීන තරුණයින් ලෝකය දැකීමටත්, ලෝකය චීනයට පිළිගැනීමටත් එකසේ කැමතිය. 2024 වසරේ විදේශගත වූ චීන සංචාරකයින්ගෙන් 67%ක්ම 1980, 1990 සහ 2000 දශකවල උපන් තරුණයෝ වෙති. ඔවුන් සංස්කෘතික බාධක බිඳ දමමින් විදේශිකයන් සමඟ ඉතා සුහදව අදහස් හුවමාරු කර ගැනීමටත්, සැබෑ නූතන චීනය ඔවුන්ට හඳුන්වා දීමටත් උනන්දු වෙති. මගේ ආදරණීය තරුණ මිතුරනි, මා දන්නා පරිදි ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ද ඉතා මෘදු, විවෘත මනසක් ඇති සහ නව තාක්ෂණය කෙරෙහි උනන්දුවක් දක්වන පිරිසකි. ඔබ චීන තරුණයන් සමඟ ඉතා හොඳ මිතුරන් වනු ඇති බවත්, වසර දහස් ගණනක් පැරණි අපේ දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති බවත් මට විශ්වාසයි. පසුගිය වසරේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය චීනයේ කළ සංචාරයන්හිදී, දෙරටේ නායකයින් තරුණ තරුණියන් ඇතුළු ජනතාව අතර හුවමාරු කටයුතු ප්‍රවර්ධනය කිරීමට වැදගත් එකඟතාවලට එළඹුණහ. ශ්‍රී ලංකාවේ සහ චීනයේ තරුණ පරපුරට කෘතිම බුද්ධිය සහ අනෙකුත් සියලු ක්ෂේත්‍රයන්හි සමීපව කටයුතු කළ හැකි බව මම විශ්වාස කරමි. ඔබේ තරුණ ප්‍රඥාව සහ උද්‍යෝගය සමඟ ශ්‍රී ලංකා-චීන සබඳතාවල නව පරිච්ඡේදයක් ලිවීමට ඔබ සැමට හැකි වනු ඇත. තානාපති කාර්යාලයේ මගේ සගයන් සහ මම, ඔබ වෙනුවෙන් නව අවස්ථා උදා කිරීමටත්, දෙරට අතර අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීමටත් නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු.''

(චී හෙන්හොං) ශ්‍රී ලංකාවේ චීන තානාපති"

තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි

තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි

ඕස්ට්‍රේලියානු සිහිනය බොඳවෙයි - ලංකාවේ සිසුන්ගේ වීසා 38%ක් ප්‍රතික්ෂේපයි

ඕස්ට්‍රේලියානු සිහිනය බොඳවෙයි - ලංකාවේ සිසුන්ගේ වීසා 38%ක් ප්‍රතික්ෂේපයි