”ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවාගේ වයස අවුරුදු 11යි”

Child Pregnancies
By Thaya Jan 13, 2021 06:40 PM GMT
Thaya

Thaya

Report

අද වෙනකොට ළමා අපයෝජන සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. ඊට පස්සේ ළමා හිංසනය වැඩිවෙලා, ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවගේ වසය අවුරුදු 11”

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේ, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය නිශාන්ත ද සිල්වා මහතායි.

වර්තමානය වනවිට ළමා පරපුර දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව රාජ්‍ය අමාත්‍ය නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම අභියෝග සඳහා විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි.

ළමා නිවාස තුළ දී දරු දැරියන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් ද ඒ මහතා අවධානය යොමු කළේය.

ඒවැනි ස්ථාන පවත්වාගෙන යෑමට ලබා දෙන මූල්‍ය පහසුකම් අවම වීම හේතුවෙන්, තුන්වැනි පාර්ශවයේ උපකාර ලබා ගැනීම ද ගැටලු ඇති කරන්නක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ වනවිට ළමා අපයෝජනය, ළමා හිංසනය හා ළමා ගැබ් ගැනීම වැඩිවීම ඉහළ ගොස් ඇති බවත්, ඒසේම වීදී දරැවන්ගේ හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන අවධානය සම්බන්ධයෙන් ද සෑහීමට පත් නොවන බව ඔහු ප්‍රකාශ කළේය.