ධම්මික පැණිය නිසා "චන්න" ඇමති මිලියන 250ක වන්දියක් ඉල්ලයි.

Covid-19 Police Corona Virus Channa Jayasumana
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

ධම්මික බණ්ඩාර මහතා නිපද වූ පැණිය ගැන පවසමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපහාස වන අන්දමින් මුහුණු පොතේ දිගින් දිගටම අදහස් දැක්වූ දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයකුට එරෙහිව රැපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා අමාත්‍යවරයා කඩුවෙල දිසා අධිකරණයේ පැවරූ නඩුව සලකා බැලූ දිසා විනිසුරුවරයා නඩුව ජනවාරි 18 කැඳවීමට නියම කළේය.

එදින දක්වා මහාචාර්යවරයාට අපහාස වන අන්දමේ කිසිදු කරුණක් පල නොකරන ලෙස දිසා විනිසුරුවරයා වාරණ නියෝගයක්ද නිකුත් කළා.

මහාචාර්ය ජයසුමන වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා, නීතීඥ ජුවානා එස්. හැන්නදිගේ මහත්මිය සහ චින්තක ප්‍රනාන්දු මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් නඩුවට පෙනී සිටියේය.