චමුදිත ඝාතනය කිරීමට ඩුබායි පාතාල සැරසෙයි..කාන්තාවක් විසින් නාමල්ට දැනුම්දීලා.. වහාම ආරක්ෂ අංශ සීරුවෙන් ඉන්න.
ඩුබායි රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් තමන්ව ඝාතනය කිරීම සඳහා පසුගියදා සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අද (23) දිනයේ පැමිණිල්ලක් කර තිබෙනවා.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බවට, සිය පැමිණිල්ලේ දක්වා ඇති චමුදිත මහතා මෙරටින් පලා ගොස් ඩුබායි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව අදාල පැමිණිල්ලේ දක්වා තිබේ.
"රාජපක්ෂලාගේ රෙදි හෝදන්නේ චමුදිතයා ඒ නිසා ඕකව ඉවරයක් කරලා දාන්න ඕන" යනුවෙන් එම සාකච්ඡාවේ මාතෘකාව වී තිබු බව එරට සිටින නාමල් කුමාරගේ ශ්‍රී ලාංකික තොරතුරු කාරියක එදිනම රාත්‍රී දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ද ඒ බව චමුදිතට දැනුම් දෙන ලෙසද එම තොරතුරු කාරිය විසින් නාමල් කුමාරට පවසා ඇතැයිද තමන්ට එම වීඩියෝ හරහා දැන ගැනීමට ලැබුණු බව චමුදිත කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය ඕනෑම මොහොතක මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට නාමල් කුමාර මහතා සූදානමින් සිටින බවට ද චමුදිත සමරවික්‍රම මහතා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.
ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස අදාල පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි සැලකේ.
මේ පිළිබඳ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාරගෙන් ද ගගන අප විමසීමක් කළා.
එහිදී නාමල් කුමාර මහතා වැඩිදුරටත් පැවසුවේ,
ඔව් එවැනි තර්ජනාත්මක සිද්ධියක් ගැන මගේ තොරතුරු කාරිය මට දැනුම් දුන්නා.
මගේ යුතුකමක් තමයි මම ඉටු කළේ. සමාජයට සුලභ මෙවැනි මාධ්‍යවේදීන් අපි ආරක්ෂා කළ යුතුයි.
මම මෙම තර්ජනාත්මක සිද්ධියේ එක් පැත්තකුත් දකිනවා. යම් පාර්ශ්වයක් චමුදිතට කරදරයක් කරලා එය ජාතික ජන බලවේගයේ ගිණුමට බැර කිරීමට හදනවාද කියන එකත් මට සැකයි.
පිළියන්දල පොලිසියෙන් මට මේ වන විට දැනුම් දීමක් කරලා තියෙනවා පොලිසියේ හමුවේ පෙනී සිටින්න කියලා.
මම හෙට (24) පිළියන්දල පොලිසිය හමුවේ පෙනී සිටිනවා"
මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාගෙන්ද ගගන අප විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ,
තමන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් දැමූ බවත්, මාධ්‍යවේදීන් ලෙස ජනතාවට තොරතුරු ලබාදීම සහ ඇතැම් කරුණුකාරණා සම්බන්ධයෙන් තමන් ජනතාව වෙනුවෙන් හඬක් නගන බවයි.
එලෙස අදහස් දැක්වීමේදී ඇතැම් පාර්ශව තමන්ට චෝදනා එල්ල කළ ද තමන් නොබියම තම වගකීම ඉටු කරන බවය.
මෙවන් තත්ත්වයක් තුළ ඔහුගේ ආරක්ෂාව කඩිනමින් තහවුරු කිරීම රජය මෙන්ම, මෙරට ආරක්ෂක අංශ වල ප්‍රධාන වගකීමක් බව ගගන අප මතක් කර දෙන්නෙමු.