නිදහස් පක්ෂයට වාරණයක්

Freedom Party
By Thaya Feb 25, 2021 05:53 PM GMT
Thaya

Thaya

Report

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති උපාලි චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඔහුගේ මන්ත්‍රී ධුරය වෙනුවට වෙනත් අයෙකු නම් කිරීමද ලබන 10 වනදා දක්වා අත්හිටුවා ඇති බවයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු සඳහන් කලේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්ට බලපැවැත්වෙන පරිදියි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම නියෝගය පණවා ඇත්තේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණි සම්මන්ත්‍රණයකට සහභාගීවීමේ චෝදනාව මත නිදහස් පක්ෂ විනය කඩ කලැයි කියමින් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති උපාලි චන්ද්‍රසේන මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබුණා.