32කට දිවි අහිමි කර දුම්රිය අනතුරේ CCTV දර්ශන

Accident
By Thaya Mar 28, 2021 05:40 PM GMT
Report

මධ්‍යම ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 165 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සොහාග් පළාතේ ටහ්ටා නගරය අසල මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මැදිරි පීලි පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙයට හේතුව වශයෙන් යම් පුද්ගලයෙක් විසින් ඉදිරියෙන් ගමන් ගත් දුම්රියේ හදිසි තිරිංග ක්‍රියාත්මක කර ඇති අතර පසුපස දුම්රිය එහි ගැටී අනතුරට ලක්ව ඇති බව එරට දුම්රිය අධිකාරිය පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එක් දුම්රියක් දකුණු නගරය වන ලක්සෝර් සහ මධ්‍යධරණි වරාය ඇලෙක්සැන්ඩ්‍රියාව අතර ගමන් කර තිබෙන අතර අනෙක් දුම්රිය කයිරෝ අගනුවර සහ දකුණු ඊජිප්තුවේ අස්වාන් නගරය අතර ගමන් කර තිබෙනවා.

තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන යාම සඳහා ගිලන්රථ 70 කට වැඩි ප්‍රමාණයක් අනතුරට ලක්වූ ස්ථානයට යවාතිබෙන අතර ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆට්ටා අල් සිසි වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දීමට කටයුතු කරන බව දන්වා තිබෙනවා.