පස්සර මාරක රිය අනතුරට හේතුව අනාවරණය වේ

Accident
By Thaya Mar 20, 2021 07:31 PM GMT
Thaya

Thaya

Report

අද (20) අලුයම පස්සරදී සිදුවූ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ඒබව සඳහන් කළේය. “අනතුර සිදුවූ ස්ථානය අසල ඇති හෞතික හා පරිවේෂණීය සාක්ෂි පරික්ෂා කිරීමේ දී පෙනී යන්නේ රියදුරාට මේ බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නැහැ. කෙසේවෙතත් මේ බස් රථය සම්බන්ධයෙන් තාක්ෂණික පරික්ෂාවක් මෝටර් වාහන පරික්ෂකවරුන් විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව සෑම අතින්ම අනතුරක් වළක්වාගැනීම රියදුරාගේ යුතුකම හා වගකීම වෙනවා. රියදුරු අසුනේ එක්තරා පුද්ගලයෙක් හිරවී හිටියා. ඔහු ඒ වන විට මියගොස් තිබුණා. මුලින් පැමිණි වාර්තාවල සඳහන් වුණේ බස් රථයේ රියදුරු මියගොස් ඇති බවට නමුත් මේ වන විට සනාථ වී තිබෙනවා එම රියදුරු අසුනේ සිරවී සිටි පුද්ගලයා රියදුරා නොවන බවත්, රියදුරා අසාධ්‍ය තත්ත්වයෙන් මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත්. තුවාලකරුවන් දැනට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබනවා. “