කොරෝනා ආසාදිත වෛද්‍යවරයා මියයාමට හේතුව මෙන්න..

Covid-19 Corona Virus Galle
By Thaya Feb 04, 2021 07:44 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා මියගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් හා වෛද්‍යවරයාට තිබූ නිදන්ගත රෝගාබාධවල සංකූලතා හේතුවෙන් බැව් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි ගාල්ල

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා පවසයි

මියගිය වෛද්‍යවරයාට අධික රුධිර පීඩනය, දියවැඩියාව, ආතරයිටිස් ආදී නිදන්ගත රෝග ගණනාවක් තිබී ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ආනාවරණය වී ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

?‍♂️ විශේෂ ප්‍රවෘත්ති ඇතුළු දවසේ වැදගත් තොරතුරු එසැනින් දැනගන්න.. අප හා එක්වන්න. :-