අනියම් සැමියාට පහරදී එල්ලලා

Police
By Thaya Apr 06, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

මුන්දලම පාලසෝලේ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සොහොයුරා, අනියම් බිරිඳගේ සොහොයුරාගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් විසින් 37 හැවිරිදි පුද්ගලයෙකු පහරදී ඝාතනය කර පසුව ඔහු ගෙළවැලලාගෙන මරණයට පත්වූ බවට හැඟවෙන අයුරින් මළ සිරුර එල්ලා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ කොහු මෝලක කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයෙකු බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වු පුද්ගලයා අදාළ සැකකාර කාන්තාවගේ තුන්වන සැමියා බවත් මොවුන් නිත්‍යානුකුලව විවාහවී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම කාන්තාව සහ මියගොස් ඇති පුද්ගලයා කොහු මෝල තුළ පදිංචිව සිට ඇති අතර මාස කිහිපයක් තිස්සේ ඔවුන් අතර කිසිදු කතාබහක් සිදුව නොමැති බවයි සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ. අනතුරුව ඝාතනයට ලක්වූ දිනයේ මියගොස් ඇති පුද්ගලයා බීමතින් පැමිණ ඔවුන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පසුව එහිදී සිදුවූ පහරදීමකින් ඔහු මියගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා. එහිදී සැකකරුවන් විසින් මියගොස් ඇති පුද්ගලයා ගෙළවැලලාගෙන මරණයට පත්වූ බවට හැඟවෙන අයුරින් මළ සිරුර එල්ලා ඇති බවයි සඳහන් වන්නේ. මුන්දල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ