නිරෝධායන රීති කඩාපු ආයතන ලොක්කන්ට නඩු.

Case
By Thaya Jan 16, 2021 06:35 PM GMT
Report

කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති නිරෝධායන රීතීන් අනුගමනය නොකරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන 213ක් ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් හදුනාගත් බව පොලිසිය පවසනවා.

ඊයේ දිනයේදී ආයතන 1311 පරික්ෂාවට ලක්කර ඇති අතර ඉන් ආයතන 1098ක් නිසි පරිදි නිරෝධායන රීතීන් අනුගමනය කරන බව නිරික්ෂණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

නිරෝධායන රීතින් අනුගමනය නොකරන බවට හදුනාගත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අජිත් රෝහණ මහතා සදහන් කළා.

මේ අතර මුහුණු ආවරණ නොපැළදි තවත් පුද්ගලයින් 35 දෙනෙක් ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔක්තෝබර් 30 වනදායින් පසුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව 2549ක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.