සිදුකළ අශෝභන ක්‍රියාවට සමාව ගන්නැයි කැරොලින් ජූරිට දන්වයි

Caroline Jury
By Thaya Apr 08, 2021 06:08 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තෝරා ගැනීම සඳහා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති අවසන් තරගයේ දී සිදුවූ සිදුවීමට සමාව ගන්නා ලෙස තමන් ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරිට දැනුම් දුන් බවත් මීට ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු ලෝක විවාහක ලෝක රූ රැජන ලෙස තේරී පත් වූ රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. යම්හෙයකින් ඇය සමාව නොගත්තොත් ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට අහිමි වෙන බව ද ඇය කියා සිටියි. තමන් මේ සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් කැරොලින් ජූරිට තේරුම් කර දුන් බවද පැවසූ ඇය අදාල සිදුවීම පසුපස සැලසුම් සහගත දෙයක් සිදු වූ බව පැහැදිලි බවද සඳහන් කළාය. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.