සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

covid19 quarantine narahenpita dr.channada silva sumith k alahakoon
By Sithumi May 20, 2021 12:33 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ ඕනෑම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසා සිටියේ, තවදුරටත් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යෑම තුළ එම තත්ත්වය ඇති විය හැකි බවය.

“රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩිවුවහොත් නිව්මෝනියා තත්ත්වය සහිත රෝගීන් ඉතා වැඩිවිය හැකියි. එමඟින් ඔක්සිජන් අවශ්‍යතාවය, දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවය හා විශේෂයෙන් ම ශ්වසන උපකරණවල අවශ්‍යතාවය ඉතා වැඩිවෙන්න පුළුවන්. ඉදිරියේ දී මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර ගියහොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියක තිබෙන උපරිම ධාරිතාවය ඉක්මවා යන්න පුළුවන්.“

මේ අතර මැයි මස 24 සහ 25 යන දෙදින රජයේ නිවාඩු දිනයක් හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මඟින් ලබාදෙන සේවාවන් අත්හිටුවා තිබේ.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

ඒ අනුව 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ ඉහත දිනයන්හි ලබා දී තිබු වෙලාවන් වෙන්කර ගැනීම් පහත පරිදි වෙනස් කර තිබේ.

මැයි මස 24 දින වේලාවන් වෙන් කරවා ගැනීම් සඳහා මැයි 31 වන දා ත් මැයි 25 වන දා වේලාවන් වෙන් කරගැනීම් සඳහා ජූනි 1 වන දිනත් සේවා සැපයෙනු ඇත. වේලාවන් වෙන්කර ගැනීම සඳහා වන දුරකථන අංකය මේ වන විට අක්‍රීය කර ඇති අතර නැවත වේලාව වෙන්කර ගැනීම් සඳහා ජූනි 1 වන දින සිට සක්‍රීය කරනු ලබයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now