මීළඟ ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් තරඟ කරන අපේක්ෂකයා හෙළිකරයි....

Election
By Thaya Mar 11, 2021 09:36 PM GMT
Thaya

Thaya

Report

මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.

එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ද දිසානායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.