ඔයාටත් රසට හදන්න පුලුවන්ද? try එකක් දීලා බලමුද?
Recipe
By Thaya
ඔන්න ඊයේ අපි ඔයාලට රසම් එකක් හදන්නේ කොහොමද කියලා රෙසිපි එක කියල දුන්නා නේ. අද අපි ඔයාලට කියල දෙන්න හදන්නේ රුලං කේක් එකක් හදන්නේ කොහොමද කියලා... ඉතින් ඔයාලත් ගෙදර නිදහසේ ඉන්න වෙලාවේ පොඩි ට්‍රයි එකක් දීලා බලන්න. හරිම ලේසි..
අවශ්‍ය දේවල්
රුලං 1/2 cup (බදින්නෙ නැතුව ගන්න)
සීනි 1/3 cup ( රස අනුව අඩු වැඩි කර ගන්න)
බිත්තර 1
කිරි 1/4 cup
පොල් තෙල් 1/4 cup
මේ ටික විනාඩි 10ක් විතර බීට් කරල.... වහල විනාඩි 20ක් පැත්තකින් තියන්න.
ඊට පස්සෙ මේකට ....
පාන් පිටි 1/4 cup
බේකින් පව්ඩර් තේ හැදි 1ක්
වැනිලා තේ හැදි 1/2 ක්
දාන්න හොදින් කලවම් කරන්න.
ප්‍රමාණය ට ගැලපෙන තැටියක දාලා 150c ; විනාඩි 30ක් ( උඩ brown වෙනකන්) bake කර ගන්න අවශ්‍යතාවය අනුව ප්‍රමාණය වෙනස් කර ගන්න.මේ ප්‍රමාණයෙන් cup cake size 5ක් හදන්න පුලුවන්.

