ප්‍රබල කැබිනට් ඇමති ගේ බිරිඳ ව්‍යාපාරිකයෙකු සමග පැන යයි?

cabinet minister wife escape
By Thaya Feb 10, 2021 05:31 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය මැතිවරණයක් නොමැතිවම නැවතවරක් උණුසුම් වෙමින් තිබේ. මේ දේශපාලන උණුසුම දේශපාලන පොරපිටියෙන් පරිභාහිරව දේශපාලකයින්ගේ පුද්ගලික ජීවිත පවා ආක්‍රමණය කරමින් තිබේ. ඒ පිළිබඳව නවතම පුවතක් අද වාර්තා විය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ නායකයින් දෙපළක් අතර උණුසුම් බල අරගලයක් නිර්මාණය වී තිබෙන බව නොරහසක්. ඒ අරගලයේ එක් පාර්ශවයක් වන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ පසුගිය සමය තුල පුවත් මැවූ බිරිඳ හදිසියේම ව්‍යාපාරිකයෙකු සමඟ විදේශගත වී ඇති බව වාර්තා වී තිබේ. මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ඉහළ පෙළේ නායකයෙකුගේ මෙහෙයවීම මත මෙම ව්‍යාපාරිකයා ඉහත කී කැබිනට් අමාත්‍යවරයාගේ බිරිඳ සමඟ සම්බන්ධතාවයක් ගොඩනංවාගෙන ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ඇය කැබිනට් අමාත්‍යවරයා අතහැර ව්‍යාපාරිකයා සමඟ විදෙස් ගතවී ඇත.

මෙම ව්‍යාපාරිකයා මෙරට ප්‍රධාන පෙළේ දේපළ වෙළදාම් සමාගමක හිමිකරු බවද දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙමින් තිබේ.

(දේශපාලන නායකයින්ගේ පෞද්ගලික ජීවිතවල සිදුවීම්වල පුවත් වටිනාකමක් නොමැති වුවද, රාජ්‍ය බලයේ අරගලය පවුල් පදනම් පවා විනාශ කරන තත්වයට පත්වී තිබීම පිළිබඳව මහජනතාව දැනුවත්ව සිටීම වැදගත් බැවින් අප මේ සිදුවීම මෙසේ වාර්තා කිරීමට තීරණය කලෙමු.)