ගෙවත්තේ නිධානයක් ගොඩගන්නැයි පැමිණි කට්ටඩියෙක් ඇතුළු පිරිසක් ව්‍යාපාරිකයාගේ ලක්ෂ 22 සොරකම් කර පැන යයි…

Police
By Thaya Mar 02, 2021 06:26 PM GMT
Thaya

Thaya

Report

බොන්දුපිටිය, දර්ගා නගරය ලිපිනය පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවස පිහිටි ඉඩමේ ඇති නිධන් වස්තුවක් ගොඩ ගැනීමට පැමිණි හොර කට්ටියකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු එම නිවසේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ විසි දෙකක් උපක්‍රමශීලීව සොරකම් කර පලා ගොස් සිටියදී 28 දින වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි . නිවසේ ආරක්ෂාවක් සඳහා මෙයට පෙර එම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ සිදුකළ හතර කොන් ආරක්ෂාවක දී නිධානයක් තිබෙන බැවින් එය ගොඩ ගැනීමට දක්ෂ යකැදුරෙක් පොලොන්නරුව ප්‍රදේශයෙන් රැගෙන ආ හැකි යැයි පවසා ඊට වැය වෙන මුදල් හදල් ගැන කතිකා කර නිධානය ගොඩගැනීමට දින 7 ක කාලයක් පේවී සිටින්නැයි ද උපදෙස් දී පසුව කතාකරගත් දිනෙක නිධානය ගොඩගැනීමට පැමිණ එහි මූලික කටයුතු වල නිරත වන අතරතුර ව්‍යාපාරිකයා ඇතුළු නිවැසියන් උපක්‍රමශීලීව ටිකවෙලාවකට නිවසෙන් පිටමං කර තිබේ .

ඒ අතරතුර ව්‍යාපාරිකයාගේ නිවසේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ 22 ක මුදලක් එම හොර කට්ටඩියන් විසින් සොරකම් කර පලාගොස් සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවැසියන් වැලිපැන්න පොලීසියට කළ පොලිසියට කළ පැමිණිල්ල මත මෙම හොරකමට සම්බන්ධ කට්ටඩියා , සංගීත ශිල්පියෙක් , හා හිටපු හමුදා සෙබලෙක් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ . වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ආනන්ද ද සිල්වා මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ සිදු කරයි .