යාපනය බන්ධනාගාරයේ කොරෝනා පොකුරක්… රැඳවියන් 52 කට කොරෝනා…

Covid-19
By Thaya Mar 01, 2021 06:09 PM GMT
Thaya

Thaya

Report

යාපනය බන්ධනාගාරයේ කොවීඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි. යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කල අතර යාපනය විශ්වවිද්‍යාලයේ රසායනාගරයේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණ වාර් ථා වලට අනුව රැඳවියන් 52 දෙදෙනෙකුම කොරෝණා ආසාදිතයින් වශයෙන් ඊයේ (27) දින තහවුරු වී ඇත.

මේ හේතුව නිසා යාපනය බන්ධනාගාරය තුල අදාල කොරෝණා ආසාදිතයින් සමීප ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන්ද නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් විසින් මේ වන විට පියවර ගනිමින් සිටියි. යාපනය බන්ධනාගාරයේ මෙලෙස කොරෝණා ආසාදිතයින් වර් ථා වීමත් සමග රැඳවියන් බැලීමට ආ පුද්ගලයින් ඇතුලු බන්ධනාගාරයේ කොවීඩ් පොකුරක් සෑදීමේ අවධානමක් පවතින බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.