මරා දැමූ තරුණයා ගේ සහෝදරයා මුළු රටින්ම ඉල්ලීමක් කරයි

Murder
By Thaya Mar 10, 2021 07:16 PM GMT
Thaya

Thaya

Report

භාර්යාව අතුරුදන්ව ඇති බවට දුරකථන ඇමැතුම් 200කට වැඩි ප්‍රමාණයක් පොලිසියට ලැබී තිබීමෙන් මේ රට තුළ තවමත් එළිනොවූ අපරාධ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව පැහැදිලිව පෙනෙන්නේ යැයි ඝාතනයට ලක්වූ කුරුවිට තරුණියගේ සහෝදරයා වන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි ප්‍රභාත් ජයසුන්දර මහතා පවසයි. ඔවුන් ජීවතුන් අතර සිටීද යන්න ඉක්මනින් සෙවිය යුතු බවයි ඔහු පවසන්නේ . ඉක්මනින් ක්‍රියාමාර්ග නොගත්තොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් රැසක් වාර්තා වනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

“මේ මරණයෙන් පස්සේ තම දුව හෝ භාර්යාව අතුරුදන්ව ඇති බවට දුරකථන ඇමැතුම් 200කට වැඩි ප්‍රමාණයක් පොලිසියට ලැබී තිබීමෙන්ම පෙනෙනවා මේ රට තුළ තවමත් එළිනොවූ අපරාධ විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව. ඒක විශාල ප්‍රශ්නයක්. මේ අතුරුදන්ව සිටින්නේ අපේම රටේම මගේ නැඟණිය වගේම කාන්තාවන්. ඒ නිසා මේ අයටත් මොකද වුණේ ජීවතුන් අතර ඉන්නවාද කියා ඉක්මනින් සෙවිය යුතුයි. නැත්නම් ඉදිරියේදීත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මෙය රුකුලක් වෙනවා. මම හැම කෙනකුගෙන්ම ඉල්ලා සිටිනවා තමාගේ දුව ගැන භාර්යාව ගැන වැඩි අවධානයකින් සිටින ලෙස. මම නැඟණිය ගැන දැඩි විශ්වාසයක් තැබූ නිසාත්, මම ඇය ගැන ලොකු අවධානයක් යොමු නොකිරීම නිසාත් මේ සිදුවීමට පහසුවක් වුණු බව මම දැන් විශ්වාස කරනවා. දැන් මම ප්‍රමාද වැඩි බව මටම තේරෙනවා” යැයිද ඔහු සඳහන් කර තිබුණා