සොහොයුරාගේ යකඩ පොලු පහරෙන් තම සොහොයුරා මරුට

Police
By Thaya Mar 12, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු බහින් බස්වීමක් දුර දිග යාමෙන් එක් අයෙකු එල්ල කල යකඩ පොලු පහරකින් එම පුද්ගලයා මරණයට පත්ව තිබෙනවා. ඊයේ සවස මෙලෙස මීරිගම පොදු වෙළඳසල අසල දි ඇති වු මෙම ආරවුල අවසන් වුයේ ඝාතනයකිනි. මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

මෙලෙස ඝාතනයට අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (11) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.